අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
 කළමනාකරණ සේවා නිලධාරී 34 3 3      
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 05 06 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -

ප්‍රාදේශීය ලේකම්


 
නම ඩබ්.ඩී.පී.සී.සමරසේකර මහතා
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

සහකාර ප්‍රාදේශීය ලේකම් 

  නම  කේ.ඒ.බී.කරුණානායක මෙය
සුදුසුකම්
  • ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාෙව්දී උපාධිය
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම්  මොනරාගල  -  2022.02.18 සිට
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)                   - 2019.07.22-2022.02.17
  • කෘෂිකර්ම සංවර්ධන නිලධාරී                 - 2018.11.16-2019.07.21
  • කළමනාකරණ සේවා නිලධාරී               - 2018.05.15-2018.11.15

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

 Adp නම ඩී.එම්.කේ.ගයානි දිසානායක මහත්මිය
සුදුසුකම්
  • පාරිසරික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය(විශේෂ) -යාපනය විශ්ව විද්‍යාලය -වවුනියා විශ්ව විදයාලය
  • රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඩිප්ලෝමාව - SLIDA
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ප්‍රා.ලේ.කා.මොනරාගල 2020.02.11 සිට

ගණකාධිකාරි

  නම එස්.ජේ.සී.මධුශංක මහතා
සුදුසුකම් ගණකාධිකරණ විශේෂ උපාධිය (ඉංග්‍රීසි)
රැකියා ඉතිහාසය

පරිපාලන නිලධාරි

  Picture6 නම කේ.කේ.ගයානි තුෂාරිකා මහත්මිය
සුදුසුකම්  ශාස්ත්‍රවේදි සාමාන්‍ය උපාධිය (සිංහල)
රැකියා ඉතිහාසය
  • පරිපාලන නිලධාරි ප්‍රා.ලේ.කා.මොනරාගල 2016.06.06 සිට
  • රාජ්‍ය කළමනාකරණ සහකාර ගො.සං.දිස්ත්‍රික් කාර්යාලය.මොනරාගල2013.01.16- 2016.05.17
  • රාජ්‍ය කළමනාකරණ සහකාර දි.ලේ.කා.මොනරාගල 2005.08.01- 2013.01.15
  • රාජ්‍ය කළමනාකරණ සහකාර  ප්‍රා.ලේ.කා.සෙවනගල 1999.11.19 - 2005.07.31

 

අපගේ දැක්ම

2025  පොහොසත් රටෙහි සසිරිබර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වීම

අපගේ මෙහෙවර

 රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, මානව, භෞතික, මූල්‍ය හා කාලය යන සම්පත් සම්බන්ධීකරණය හා කළමනාකරණය කරමින් සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුතුව තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනුමට කටයුතු කිරීම

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‍‍ඓතිහාසික හා සමකාලීන  තොරතුරු....

සිංහල රජ සමයේ ප්‍රාන්ත රාජ්‍යයක්ව පැවති ඌව පළාත ප්‍රාග් ‍ඓතිහාසික යුගයකට හිමිකම් කියන දීර්ඝ ඉතිහාසයකින් යුතු ප්‍රදේශයකි. මහවිජයබා නමින් පසු කළෙක ප්‍රකට වූ කීර්ති කුමරු “මූලාසල” නමැති ගමක වාසය කළ බව චූල වංශයේ 57 වැනි පරිච්ඡේදයේ 45 වන ගාථාවේ සඳහන්ව ඇත. “මූලාසල” යන්න සිංහල පත පොතෙහි “මුල්සල” ලෙස දක්වා ඇත. “උඳුන්දොර” යනුවෙන්ද හැඳින්වෙන මොනරාගල පොළොන්නරු යුග‍යේදී “මුල්සල” නමින් ද පසුකාලීනව එම අරුතම දැක්වෙන “මුප්පණ”නමින්ද ව්‍යවහාරයේ තිබී ඇත. “මුල්ගල” ඇසුරින් පැවති ගම්මානය “මුප්පණේ”ලෙස මෑතක් වනතුරුම ගැමි වහරේ පැවතියද අද වන විට පැරණි වහරේ කියැවුණු “මයුරගිරි” යන්නේ බිඳී ආ මොණරාගල යන්න භාවිතා වේ. පහළ ඌවේ ජනකවි අතර දැක්වෙනුයේ මොණරාගල නම් පරිවර්තනය ඈත අතීතයේ “අමරගිරි” නම්න් පැවති බවය. මෙම ගිරිකුළ ආශ්‍රිතව “මයුරසක” නමැති හිමිනමක් වැඩසිටි හෙයින් මයුරගිරි නම යෙදී ඇති බව ජනකවියෙහි දැක්වේ.

ලංකාවේ පැරණි රුහුණ පෙදෙසට අයත්ව තිබූ ඌව පළාතේ පහළ ඌව ප්‍රදේශයේ පිහිටීම එහි වැදගත්කමට විශේෂිත වූ හේතුවක් වී තිබූ බව පෙනේ. රුහුණ හා රජරට වෙන්කරනු ලැබූ මහවැලි ග‍ඟේ පහළ කොටස ඌවට සම්බන්ධ සීමාවක් ලෙස පිහිටා ඇත. දුටුගැමුණු හා පැරකුම් රජ සමයේ මෙන්ම විදේශීය ජාතීන්ට එරෙහිවද පැන නැගුණ සංවිධාන කැරලි කෝලාහල නිදහස් සටන් ව්‍යාපාරයක උපත සිදු වූයේ මෙම පහළ ඌවට අයත් ප්‍රදේශවලය. එවැනි අවස්ථාවලදි රජරටට පිවසෙන තොටුපල ඇහිරි ගියවිට කුමන සේනාවකට වුවද පහළ ඌවේ රැ‍‍‍ඳෙන්නට වූවාට සැක නැත. දුටුගැමුණු රජ සමයේ දෙමළ පාලනයකට එරෙහිව පැන නැගී විරෝධතාවන්වල සිට 1818 බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ විමුක්ති සටන දක්වා ඌවෙන් බිහි වූ නිදහස් සටන් ව්‍යාපාර ඒවාට නිදසුන් වේ.

“වෙල්ලස්ස” යන නමින් හැඩගැන්වුනු මොනරාගල දිස්ත්‍රික්කයේ අතීත ශ්‍රී විභූතිය සශ්‍රීක වෙල් ලක්ෂයකින් යුතු වු වාරි ශිෂ්ටාචාරයක් තුළින් නිරූපණය විය.1818 නිදහස් අරගලය තෙක් ඉතාමත් සශ්‍රීක සහ ජනාකීර්ණ ප්‍රදේශයක් ලෙස වෙල්ලස්ස පැවති බවට ඓතිහාසික තොරතුරු සාක්ෂි දරයි.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශ්‍රී විභූතිය මැනවින් පසක් කරන තවත් සුවිශේෂි පුරවරයක් ලෙස, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ,මොනරාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය හදුනාගත හැකිය. ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික ආදි අංශයන්ගේ සැලකිය යුතු දියුණුවක් මේ ප්‍රදේශයේ අතීතයේ සිට තිබූ බවට සනාත කළ හැකි සාධක දැනුදු දක්නට ලැබේ.

                  පැරණි බිම් බෙදීම් අනුව, රුහුණූ රටට අයත් වු ඌව, වර්ග සැතපුම් 3271ක පමණ විශාලත්වයකින්යුක්තවේ.කුඹුක්කන් ඔය, කිරිඳිඔය,මැණික් ගඟ, විල්ඔය, හැඩඔය, ගල්ඔය යන ප්‍රධාන ගංඟා පදනම් කරගත් ජලවහනය, ඌව සරුසාර බිමක් කිරීමට පෙරමුණ ගෙන සිටී. පුරාණයේ සිටම ගංඟා ආශ්‍රිතව හා ජල මාර්ග හරස් කරවා වැව් අමුණු බන්දවා කුඹුරු අස්වැද්දීම හේතු කොටගෙනඌව විශාල වෙල්යායක් බවට පරිවර්තනය වී තිබිණ. එක් එක් වැව් ආශ්‍රිතව වෙල් ලක්ෂයක් ඇති වු හෙයින් මෙම  පෙදෙස වෙල්ලස්ස වු බව ප්‍රකට කරුණකි.සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණූ රජුගේ යුද ව්‍යාපාරයට අවශ්‍ය වු ආහාර සැපයීමට අස්වද්දන ලද්දේ මෙම වෙල්ලස්ස ඇතුළු දිගාමඩුල්ල ප්‍රදේශයයි.

                  මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මොනරාගල ප්‍රධාන නගරය පිහිටා ඇත. කහම්බාන ශ්‍රි තිස්ලෙන් විහාරය, ගනුල්පත රජමහා විහාරය, මුප්පනේ රජමහා විහාරය වැනි ඓතිහාසික වටිනාකමක් ඇති සිද්ධස්ථාන රාශියක් මෙම කොට්ඨාශයේ පිහි‍ටා ඇත. සුවිශේෂී ක්ෂුද්‍ර දේශගුණික ලක්ෂණ වලින් යුක්ත කළාපයක් ලෙස හදුනාගත හැකි ජීලෝන් කදුවැටිය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනඟි සම්පතකි.

දිස්ත්‍රික්කයේ සමස්ථ දේශගුණික ලක්ෂණ වලින්ම ඉතා විශාල අපගමනයක් පෙන්වන මෙම ප්‍රදේශය අන්තර් මාධ්‍ය මැදරට දේශගුණික ලක්ෂණ වලින් යුක්ත වේ.මෙම කලාපයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මි.මි.2500ට වඩා වැඩි වන අතර, ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ඇති ප්‍රදේශයකි.

                  මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් වෙසෙන අතර, මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ‍වී ගොවිතැනය. මීට අමතරව කෙටි කාලීන බෝග මහාපරිමාණයෙන් වගා කරන ප්‍රදේශ ද නගරයෙන් ඈතට වන්නට දක්නට ලැබේ. තවද ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් එකක් වන රබර් ද විශාල වශයෙන් ව්‍යාප්තව ඇති අතර, එමඟින්  මෙම රබර් වතු අශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය සකස් වී ඇත. එසේම නගරයට ආසන්න වන්නට ජනගහනය අධික වීමත් ඉඩකඩ සීමා වීමත් නිසා ගොවිතැනෙන් අත්මිදී වෙනත් වෘත්තීන්වල නියලෙන විශාල පිරිසක් ද දක්නට ලැබේ.

මේ හැරුණූ විට, මෙම කොට්ඨාසය ආශ්‍රිතව ක්‍රියාත්මක වු සංවර්ධන වැඩසටහන් ප්‍රදේශයේ ප්‍රගමනයට විශාල ලෙස බලපා ඇත. එමගින් ජලය, විදුලිය,මාර්ග ආදි යටිතල පහසුකම් සංවර්ධනය වීම, පාසල් හා වෙනත් අධ්‍යාපන ආයතන, එමෙන්ම ඇගලුම් කම්හල් ,වෙනත් ව්‍යාපාර ආදියෙහි සංවර්ධනය තුළින් මෙම ප්‍රදේශයේ පිබිදීමක් දක්නට ලැබේ. එමෙන්ම දිවයිනේ ප්‍රධාන නගර රාශියකට විහිදී යන ප්‍රධාන මාර්ග වල ප්‍රවේශයන් මොනරාගල නගරයෙන් ආරම්භ වීම ද කොට්ඨාසයේ දියුණූවට හේතු වී ඇත.

 

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
 එල්.එල්.අනිල් විජේසිරි මහතා  2006 2010
ජේ.එම්.යූ.කේ.ජයසේකර මහතා 2010 2017
ජී.යූ.කේ.අල්ගෙවත්තගේ මහතා 2017 2018
කේ.ප්‍රගීත් කුලතිලක 2018 මේ දක්වා
     
     
     
     
     
     
Scroll To Top